hdo BANNER
Donate
Malayagam 200 Sinhala
Home » Malayagam 200 Sinhala

මලයග ජනතාව

ඉතිහාසය-ජීවිතය-අරගලය - සියවස් දෙකක තරණය

ලූල්කඳුර වත්ත, මහනුවර, ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයේ කොඳු නාරටිය ලෙස මලයග ජනතාව (කඳුකර දමිළ ජනයා) සැලකේ. මේ පිරිස දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා මෙහි ස්ථාපිත කර වසර 200ක් සම්පූර්ණ වීම නිමිත කරගනිමින් සැමරුම් උත්සව සිදුවෙමින් පවතී. මේ ජනයාගේ ඉතිහාසය, ජීවන රටාව සහ ඔවුන් මුහුණ දෙන අභියෝග සිහිපත් කරන අතරම අප ඉදිරි සියවසට මුහුණ දිය යුත්තේ කෙසේද? අභියෝග හමුවේ මානව හිමිකම් ආරක්ෂා කරන්නේ කෙසේද? යන්න ජනතා ප්‍රකාශයක් තුළින් සමාජයක් ලෙස, සමාන පුරවැසියන් ලෙස, මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ඉදිරියට යා හැකි ක්‍රමවේද ඇතුලත් ජනතා ප්‍රකාශය, ප්‍රකාශයට පත් කිරීමේමලයග ජනයාගේ වසර 200ක ඉතිහාස ජනතා ප්‍රකාශන රැස්වීම මානව සංවර්ධන සංවිධානය විසින් 2023 ක් වු අගෝස්තු මස 26 වන දින ශ්‍රී ලංකාවේ තේ වතුවල නිර්මාතෘ, ජේම්ස් ටේලර් විසින් ආරම්භ කළ පළමු තේ වත්ත වන මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට, ලූල්කඳුර වතුයායේදී පවත්වන ලදි.

මේ සඳහා දහසකට ආසන්න කඳුකර කම්කරුවන්, කාන්තාවන්,  තරුණයින්, සමාජ ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන, ගුරුවිදුහල්පතිවරුන් සහ විවිධ වෘත්තිකයන් සහභාගි වූ අතර එම වැඩසටහන සඳහා කම්කරු සහයෝගිතා වෘත්තීය සමිතිය, කාන්තා සහයෝගිතා පෙරමුණ, කඳුකර කාන්තා එකමුතුව සහ සිවිල් සංවිධානවල සාමාජික සාමාජිකාවන්ගේ සහයෝගය ලබාදෙන ලදි.

මලයග දමිළ සමාජය, තම අනන්‍යතාවය පවත්වා ගනිමින්, මානව ගෞරවය, සමානාත්මතාවය, යුක්තිය, අයිතිවාසිකම් සහ සාමය ආරක්ෂා කිරීමේ ඓතිහාසික වගකීමක් ඇති බව සැලකිල්ලට ගනිමින්, මෙම ජනතා ප්‍රකාශය 2023 අගෝස්තු 26 වැනි දින මහනුවර දිස්ත්‍රික්කයේ ලූල්කඳුර වතුයායේදී ප්‍රකාශයට පත්කරන ලදි. එමෙන්ම මෙම ජනතා ප්‍රකාශන රැස්වීම හා සමගාමීව මලයග ජනයා හා සබැදි සංස්කෘතිකමය වැඩසටහන ජේම්ස් ටේලර් මහතා ජීවත් වූ නිවහන වන වර්තමාන ආදවන් දමිළ පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදි.

වැඩිදුර විස්තර සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න 

 

ශ්‍රී ලංකාවේ කදුකර දමිළ ජනයා (මළයග දමිළ ජනයා)

ආචාර්ය පි.පි.සිවප්‍රගාසම්

කඳුකර දමිළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200කට පසුව ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා සහ මත දැක්වීම් ආරම්භ වී තිබෙන බව දක්නට ලැබේ. බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව අත්පත් කරගත් පසු, 1820න් පසුව වැවිලි කර්මාන්තය සහ යටිතල පහසුකම් සංවර්ධනය පිණිස මෙම කම්කරු ජනතාව දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගත් බව සඳහන් වේ. මෙම ජනතාවගේ සමාජ, ආර්ථික සහ දේශපාලන සහ සංවර්ධන අයිතීන් පිළිබඳව සාකච්ඡා කිරීම් සහ ඔවුන්ගේ අනාගතය පිළිබදව ගත යුතු දේශපාලන ප්‍රතිපත්ති පිළිබදව කෙටි හැදින්වීමක් ඉදිරිපත් කරමු.

Screenshot 2023-08-29 015158